Showing posts with label දැක්ම. Show all posts
Showing posts with label දැක්ම. Show all posts

Thursday, December 15, 2016

බන්ධනාගාර දෙපාර්තමේන්තු ගීතය




අප රැකවරණය ලබනා හැම දෙන මිනිසුන්

ජිවිතයේ යම් දවසක වැරදුණු මිනිසුන්

අපය ඔවුන් හට යහමග පෙන්වන මිනිසුන්

අනාගතේ හොඳ නොහොඳ කියා දෙන මිනිසුන්



කොටු පවුරින් වටවී සිටිනා

මනු කැල වෙත පා මෙත් කරුණා

දී රැකවරණ ද පිළිසරණා

සුව සෙත සලසමු එක් සිතිනා



අප රැකවරණය ලබනා .........



සිපිරි ගෙදර පියවරුන් අපි

සිපිරි ගෙදර මවුවරුන් අපි

සිපිරි ගෙදර නෑසියන් අපි

සිපිරි ගෙදර හිතවතුන් අපි



අප රැකවරණය ලබනා ..................





පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ




නේවාසිකයන් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම





දැක්ම

"නේවාසිකයින් පුනරුත්ථාපනය තුලින් යහපත් පුරවැසියන් ලෙස සමාජ ගත කිරීම."


මෙහෙවර

"ආරක්ෂාව,රැකවරණය,පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නේවාසිකයින් හා බන්ධනාගාර නිලධාරින් අතර මනා සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් ධනාත්මක චින්තනයක් ගොඩනගා නිලධාරින්ගේ රැකියා තෘප්තිය වැඩි කිරීම තුලින් සහ සිරකරුවන්ගේ සුභසාධක කටයුතු විධිමත් කිරීම තුලින් ඔවුන්ගේ ශ්‍රම ඵලදායීතාවය රටට වැඩදායි ලෙස යොදා ගැනීම. "

ඉලක්ක

බන්ධනාගාර නේවාසිකයින් විධිමත් පුනරුත්ථාපනය මගින් නීතිගරුක මානව හිතවාදි පුද්ගලයන් බවට පත්කර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමට දායක වීම .
බන්ධනාගාර නිලධාරින් අභිප්‍රේරණය සහ දෙපාර්තමේන්තු කණ්ඩායම් හැඟීම ගොඩනැගීම.
බන්ධනාගාර රැඳවියන්ගේ දෛනික අවශ්‍යතාවලින් 50% ක් වත් බන්ධනාගාර තුලින්ම නිපදවීම.ඒ සඳහා කෘෂිකාර්මික හා කාර්මික කටයුතු වැඩි දියුණු කිරීම.

ආදර්ශ පාඨය සහ බන්ධනාගාර ලාංඡනය


 සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි.

වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි.

දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි.

රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය.

රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ.



      බන්ධනාගාර ආදර්ශ පාඨය වන්නේ .....රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය .....යන්නයි