Thursday, December 15, 2016

බන්ධනාගාර දෙපාර්තමේන්තු ගීතය




අප රැකවරණය ලබනා හැම දෙන මිනිසුන්

ජිවිතයේ යම් දවසක වැරදුණු මිනිසුන්

අපය ඔවුන් හට යහමග පෙන්වන මිනිසුන්

අනාගතේ හොඳ නොහොඳ කියා දෙන මිනිසුන්



කොටු පවුරින් වටවී සිටිනා

මනු කැල වෙත පා මෙත් කරුණා

දී රැකවරණ ද පිළිසරණා

සුව සෙත සලසමු එක් සිතිනා



අප රැකවරණය ලබනා .........



සිපිරි ගෙදර පියවරුන් අපි

සිපිරි ගෙදර මවුවරුන් අපි

සිපිරි ගෙදර නෑසියන් අපි

සිපිරි ගෙදර හිතවතුන් අපි



අප රැකවරණය ලබනා ..................





පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ




No comments:

Post a Comment

අදහස් දැක්වීම් අනුමත කිරීමකින් පසුව පලවේ