Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Thursday, December 15, 2016

බන්ධනාගාර දෙපාර්තමේන්තු ගීතය




අප රැකවරණය ලබනා හැම දෙන මිනිසුන්

ජිවිතයේ යම් දවසක වැරදුණු මිනිසුන්

අපය ඔවුන් හට යහමග පෙන්වන මිනිසුන්

අනාගතේ හොඳ නොහොඳ කියා දෙන මිනිසුන්



කොටු පවුරින් වටවී සිටිනා

මනු කැල වෙත පා මෙත් කරුණා

දී රැකවරණ ද පිළිසරණා

සුව සෙත සලසමු එක් සිතිනා



අප රැකවරණය ලබනා .........



සිපිරි ගෙදර පියවරුන් අපි

සිපිරි ගෙදර මවුවරුන් අපි

සිපිරි ගෙදර නෑසියන් අපි

සිපිරි ගෙදර හිතවතුන් අපි



අප රැකවරණය ලබනා ..................





පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය : සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ




ආදර්ශ පාඨය සහ බන්ධනාගාර ලාංඡනය


 සිංහයා මගින් සංකේතවත් වන්නේ ජාතියේ අභිමානයයි.

වී කරල් දෙක මගින් රටේ සෞභාග්‍ය පෙන්නුම් කරයි.

දෙපර්තමේන්තුවේ අනන්‍යතාවය භාෂා තුන මගින් (සිංහල,දෙමළ හා ඉංග්‍රීසි) පෙන්නුම් කරයි.

රැකවරණ්‍ය,ආරක්ෂාව හා පුනරුත්ථාපනය යන්න ප්‍රධාන තේමාව වේ. ඒ සංකේත වන්නේ වාක්‍ය මගින්ය.

රැදවියන්ගේ ආරක්ෂාව යතුරු දෙක මගින් පෙන්නුම් කෙරේ.



      බන්ධනාගාර ආදර්ශ පාඨය වන්නේ .....රැකවරණය,ආරක්ෂාව,පුනරුත්ථාපනය .....යන්නයි

Wednesday, December 14, 2016

වැලිකඩ බන්ධනාගාරය


1869 වසරේදී අළුත් කඩේ බන්ධනාගාර මධ්‍යම සිරකරු ආයතන ලෙස පරිවර්තනය කිරීම සහ 1869 අංක 16 දරණ බස්නාහිර පළාත් ආදායම් පනත වෙත පැවරි ඇති ඇතැම් බලතල එහි අධිකාරි වෙත පැවැරීම උදෙසා ආඥා පනතක් පැනවීමත් සමගම වැලිකඩ බන්ධනාගාරය ආරම්භවිය.

ඒ හා සමගාමීව බන්ධනාගාරය සදහා වෙනමම නිළ ඇදුමක් නිර්මානය කිරිමද සිදුවිය.

වැලිකඩ බන්ධනාගාරය ආරම්භවිම සමගම බන්ධනාගාර විනය කොමිෂන් සභාව පිහිටුවීම මගින්  යහපත් පැවැත්ම සඳහා ලකුණු දීමේ ක්‍රමය  ආරම්භ කර දඩුවම් කාලය ලිහිල් කිරීමේ ක්‍රමය ආරම්භ කිරීම සිදුවිය.